Posts

Showing posts from December, 2017

පෞරුෂත්වය

පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගෙන් වෙනස්වන ඔහුටම ආවේණිකවු සාමාජීය ජීවිතය තුල ඔහු වෙතින් ප්‍රකට කෙරෙන සුවිශේෂි චර්යාවන් සමුදාය පෞරුෂය ලෙස සරලව හදුන්වා දිය හැකිය. වුඩ්වර්ත්ට අනුව පෞරුෂය යනු පුද්ගලයාගේ හැසිරිම පිඩුකොට දක්වන ස්වභාවයක් ලෙසත් එය ඒකීයවුත් පුද්ගලයාට ප්‍රවේණි වුත් හැසිරීම් ස්වභාවයක් ලෙසත් දක්වන අතර පෞරුෂ ලක්ෂණ පුද්ගලයා කරන කථාවේදීත් පුරුදු ප්‍රකාශ වන හැටියෙනුත් ආශා ලැදිකම් ක්‍රියාත්මක වන සැටියෙනුත් ආචාර සමාචාර කැපී පෙනෙන සැටියෙනුත් එසේම ඔහු ජිවිතය පිලිබද දක්වන දර්ශනයෙනුත් අවශේෂ ලෝකයාට දැන ගැනීමට හැකි බව දක්වයි. ෆිල් පෞරුෂ විග්‍රහයේදි වඩා අර්ථවත් බවක් දෙමින් චිත්තවේගයන්ට විශේෂත්වයක් දෙයි.චිත්තවේග සංවර්ධනයට තුඩු දෙන ගති ආකල්ප ආදියේ සංවිධානය පෞරුෂය නමින් හදුන්වන අතර පෞරුෂයේ තිබිය යුතු ප්‍රධාන අංග තුනක් ගැන සදහන් කරයි.ඒකීය ස්වභාවය/සංවිධානයක් බව/සමස්තයක් බව යනු ඒ අංග තුනයි. විවිධ සමාජ භූමිකාවන් රංගනය කරන පුද්ගලයා අවස්ථාවන්ට මුහුණ දීමේදි හා පරිසරය හා ගැටිමේදි මෙසේ විවිධ චර්යාවන් සිතුවිලි හා භාවමය ප්‍රතිචාරයන් දක්වන්නේ කෙසේද? පුද්ගලයා සමාජය තුල සුවිශේෂි අයෙකු බවට පත් කරන පෞරු...