Posts

Showing posts from January, 2018

මානව සම්පත් කළමණාකරනය

මානව සම්පත යනු සංවිධානයක් සතුව පවතින මිනිසුන් හා ඵලදායි නිෂ්පාදන කටයුතුවලට යොමුකලහැකි ඔවුන් සතුව ඇති ශක්තීන් , දැනුම , කුසලතාවන් හා අත්දැකීම් වේ. මේවා සංවිධානයක සාර්ථකත්වය සදහා භාවිතා කල හැකි අතර ඒවා සංවිධානයක් සතුව පවතින වටිනාම සම්පත ලෙස අර්ථකතනය කල හැක.මුල් කාලයේදී ආයතනයේ වටිනාම සම්පත ලෙස සැලකුවේ ගණුදෙනුකරුවන්ය. නමුත් වර්තමානයේදී ගණුදෙනුකරුවන් තරමටම සේවකයින්ද ආයතනයේවටිනාම සම්පත ලෙස සලකනු ලබයි. මන්ද යත් මනා දක්ෂතාවයකින් හා කුසලතාවයකින් පිරිපුන් සේවක පිරිසක් නොමැතිනම් ආයතනයට තම අරමුණු හා පමාර්ථ කරා යාම සිහිනයක් වන බැවිනි. WentelFrench ට අනුව"මිනිසුන් කළමනාකරණය සම්බන්දයෙන් යොදාගනු ලබන දර්ශක , ප්‍රතිපත්ති , පිළිවෙත් , පිරිවැය යන ආදිය සදහා යොදාගනු ලබන පදයක් ලෙස මානව සම්පත් කළමනාකරණය හැදින්විය හැකිය." "චිරස්ථායී ව්‍යාපාර සාර්ථකත්වයක් සදහා එකම වැදගත් සාධකය මානව සම්පත යන විශ්වාසය මත පදනම් කරගෙන මිනිසුන් කළමාකරණය කිරී‍මේ දර්ශනය ."මානව සම්පත්කළමනාකරණයැයි Allen Price පෙන්වා දෙයි.මේ අතර"ඉතා වැදගත් මානුෂික සම්පත් ලෙස සංවිධානයක සේවක පිරිසේ වැදගත්කම පිළිගැනීම හා පුද්...