මානව සම්පත් කළමණාකරනය
මානව සම්පත
යනු සංවිධානයක් සතුව පවතින මිනිසුන් හා ඵලදායි නිෂ්පාදන කටයුතුවලට යොමුකලහැකි
ඔවුන් සතුව ඇති ශක්තීන්, දැනුම,
කුසලතාවන් හා අත්දැකීම් වේ. මේවා සංවිධානයක සාර්ථකත්වය
සදහා භාවිතා කල හැකි අතර ඒවා සංවිධානයක් සතුව පවතින වටිනාම සම්පත ලෙස අර්ථකතනය කල
හැක.මුල් කාලයේදී ආයතනයේ වටිනාම සම්පත ලෙස සැලකුවේ ගණුදෙනුකරුවන්ය. නමුත්
වර්තමානයේදී ගණුදෙනුකරුවන් තරමටම සේවකයින්ද ආයතනයේවටිනාම සම්පත ලෙස සලකනු ලබයි.
මන්ද යත් මනා දක්ෂතාවයකින් හා කුසලතාවයකින් පිරිපුන් සේවක පිරිසක් නොමැතිනම් ආයතනයට
තම අරමුණු හා පමාර්ථ කරා යාම සිහිනයක් වන බැවිනි.
WentelFrench ට අනුව"මිනිසුන්
කළමනාකරණය සම්බන්දයෙන් යොදාගනු ලබන දර්ශක,
ප්‍රතිපත්ති,
පිළිවෙත්,
පිරිවැය යන ආදිය සදහා යොදාගනු ලබන පදයක් ලෙස මානව සම්පත්
කළමනාකරණය හැදින්විය හැකිය." "චිරස්ථායී ව්‍යාපාර සාර්ථකත්වයක් සදහා එකම
වැදගත් සාධකය මානව සම්පත යන විශ්වාසය මත පදනම් කරගෙන මිනිසුන් කළමාකරණය කිරීමේ
දර්ශනය ."මානව සම්පත්කළමනාකරණයැයි Allen
Price පෙන්වා දෙයි.මේ අතර"ඉතා වැදගත්
මානුෂික සම්පත් ලෙස සංවිධානයක සේවක පිරිසේ වැදගත්කම පිළිගැනීම හා පුද්ගලයන්
සංවිධානයේ සහ සමාජයේ යහපත පිණිස සඵලව සහ නීත්‍යානුකූලව භාවිතය තහවුරු කිරීමට විවිධ
කාර්යයන් සහ ක්‍රියාකාරකම් උපයෝජනය කිරීම." මානව සම්පත් කළමණානයැයි Stuler&Yanbaladi දක්වයි.
මානව සම්පත්
කළමනාකරණයේ මූලිකම අරමුණ විය යුත්තේ සංවිධානයේ සඵලදායකත්වය පිණිස උපරිම පුද්ගල
දායකත්වයක් ගෙන දෙන ඉතාමයෝග්‍ය සහ තෘප්ත මානව බලයක් ජනිත කොට පවත්වාගෙන යාමයි.ආයතනයේ
අරමුණු සහ පරමාර්ථ ඉටු කරගත හැකි නිවැරදි ගුණාත්මක භාවයකින් යුත් ඵලදායී හා
තෘප්තියට පත් සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යාම වැදගත් වේ.
සංවිධානයක්
සිය අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමට යන ගමනේදී ඒ සදහා සම්පත් භාවිතා කිරීමට සිදු
වේ. මූල්‍ය, ද්‍රව්‍ය, තොරතුරු,
තාක්ෂණය යනාදී වූ අනෙකුත් සියලුම සම්පත් තිබුනත් ඒවා ප්‍රශස්ත
ලෙස මෙහෙය වීම කළ හැක්කේ මානව සම්පත මගිනි. එම නිසා මානව සම්පත් කළමනාකරණය ආයතනයකට
අත්‍යවශය අංගයකි.ආයතනයක අනෙකුත් ශ්‍රිත ක්ෂේත්‍රයන් වන නිෂ්පාදන,
අලෙවි, මූල්‍ය,
පරිපාලන යන අංශයන් හි සාර්ථකත්වයට මුළු ආයතනයේම
සර්ථකත්වයට බලපානු ලබයි. ඒ සදහා උද්යෝගිමත් මනා කැපවීමෙන් හා ගුණාත්මකභාවකින් යුත්
සේවක පිරිසක් ඒ ඒ දෙපාර්තමේන්තු තුළ සිටීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒම කාර්ය ඉටු
කිරීමට මානව සම්පත් කළමනාකරුවන්ගෙන් මනා පිටුවහලක් ලැබේ.ආයතනයක ඇති ප්‍රධානම
දෙපාර්තමේන්තු වල නිෂ්පාදන, මූල්‍ය,
අලෙවි ආදී ප්‍රධානම සම්පත් වන්නේ මානව සම්පතයි. එම නිසා
සම්පත නිවැරදි ලෙසකළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ පුළුල් දැනුමක් මානව සම්පත්
කළමනාකරු ප්‍රමුඛ සියළුම කළමනාකරුවන්ට තිබීම අත්‍යවශ්‍ය කරුණකි.වර්තමානය වන විට
සේවා මණ්ඩල කළමනාකරණය සමාජීය අවශ්‍යතාවයක් ද බවට පත්ව තිබේ. එයට හේතුව වන්නේ
සමාජයේ වෙසෙන පුද්ගලයන්ට රැකියා ලබා දීම තුළින් ඔවුනට උසස් ජීවන තත්ත්වයක් ලබා දී
දිළිදුකම පිටු දැකීම හා සමාජ සංවර්ධනයට මෙම මානව සම්පත් කළමනාකරණය මනා රුකුලක් වී
ඇති බැවිනි.
මානවසම්පත්
කළමණාකරනයේ අරමුණු සිව්
ආකාරය.සාමාජිය/ආයතනික/ශ්‍රිතමය හා පුද්ගලවශයෙනි.
Comments
Post a Comment