Posts

Showing posts from April, 2021

මාර්ග අයිතිය ( 1කොටස)

  නොදැනීම හා නොවැහැටීම හේතුවෙන් නිරපරාදේ නඩු මගට බැසීමෙන් මහජනයා අගතියට පත් වන වීෂය කාරණයක් ලෙස මාර්ග අයිතිය හා පරවශතාව හදුනා ගත හැක. යමෙකුට තවත් අයෙකුගේ ඉඩමක් මතින් යාමේ එමේ අයිතියයි. පොදු මාර්ග අයිතියක් නිර්මාණය කල හැක්කේ ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් මගින් හෝ ප්‍රදානයක් හෝ පිළිගැනිමකින් පමණි. මාර්ග අයිතිය ලැබිය හැකි ක්‍රම ·          ප්‍රදානයෙන් ·          කාලාවරෝධයෙන් ·          පරවශතාව පවතින විට සාධාරණ මිල ගෙවීමෙන් හවුල් ඉඩමක මාර්ග අයිතිය හවුල් ඉඩමක් බෙදා වෙන් කර ගැනීමේදි එකී ඉඩමේ කොටසක් මාර්ගයක් ලෙස පාවිච්චි කිරීමට වෙන් කර ඇති විට එම අයිතිය කවර පුද්ගලයින් සතුවේද? මුතාලිෆ් එ. මන්සුර්   39 NLR 316 නඩුවේ තීරණය වුයේ මෙවැනි අවස්ථාවක පාරේ අයිතිය සියළු කොටස්කරුවන් සතු වන බවත් එක් අයෙකුට පමණක් කාලාවරෝධී හිමිකම ලැබිය නොහැකි බවයි. ඉඩමක හවුල් අයිතිකරුවෙකුට එම ඉඩම මතින් මාර්ගයක් අනික් හවුල්කරුවන්ගේ කැමැත්තකින් තොරව ලබා දිය හැකිද?   නිම්බු එ. අන්නම්මා...