මාර්ග අයිතිය ( 1කොටස)
නොදැනීම හා
නොවැහැටීම හේතුවෙන් නිරපරාදේ නඩු මගට බැසීමෙන් මහජනයා අගතියට පත් වන වීෂය කාරණයක්
ලෙස මාර්ග අයිතිය හා පරවශතාව හදුනා ගත හැක.
යමෙකුට තවත්
අයෙකුගේ ඉඩමක් මතින් යාමේ එමේ අයිතියයි. පොදු මාර්ග අයිතියක් නිර්මාණය කල හැක්කේ ව්‍යවස්ථා
ප්‍රතිපාදනයක් මගින් හෝ ප්‍රදානයක් හෝ පිළිගැනිමකින් පමණි.
මාර්ග අයිතිය
ලැබිය හැකි ක්‍රම
·
ප්‍රදානයෙන්
·
කාලාවරෝධයෙන්
·
පරවශතාව පවතින විට සාධාරණ
මිල ගෙවීමෙන්
හවුල් ඉඩමක මාර්ග අයිතිය
හවුල් ඉඩමක් බෙදා
වෙන් කර ගැනීමේදි එකී ඉඩමේ කොටසක් මාර්ගයක් ලෙස පාවිච්චි කිරීමට වෙන් කර ඇති විට
එම අයිතිය කවර පුද්ගලයින් සතුවේද? මුතාලිෆ් එ. මන්සුර් 39 NLR 316 නඩුවේ තීරණය
වුයේ මෙවැනි අවස්ථාවක පාරේ අයිතිය සියළු කොටස්කරුවන් සතු වන බවත් එක් අයෙකුට පමණක් කාලාවරෝධී හිමිකම ලැබිය නොහැකි බවයි.
ඉඩමක හවුල්
අයිතිකරුවෙකුට එම ඉඩම මතින් මාර්ගයක් අනික් හවුල්කරුවන්ගේ කැමැත්තකින් තොරව ලබා
දිය හැකිද? නිම්බු එ. අන්නම්මා 36 NLR 330 නඩුවේදී තීරණය
කරන ලද්දේ හවුල් ඉඩමක එක හවුල්කරුවෙකුගේ කැමැත්තෙන්
නැතිනම් සියළු හවුල්කරුවන්ගේ කැමැත්ත නොමැතිව මාර්ගයක් ලබා දිය නොහැකි බවයි. නීති
ප්‍රකාරව හවුල් අයිතිකරුවෙකුට තම නොබෙදු අයිතිවාසිකම නොඉක්මවන බිම් ප්‍රමාණයක් ඉඩමෙහි
ස්වභාවික භාවිතය තුල භුක්ති වීදිමට හවුල් අයිතිකරුට හැක නමුත් ඉඩමක බෙදුම් නඩු
පවරා තිබෙන විට එය අධිකරණය අවසරය මත සාධාරණ භාවිත සීමාව තුල පවත්නා අත්‍යවශ්‍ය
ඉදිකිරිමට සීමා කෙරේ.
ප්‍රවේශ
මාර්ගයක් ලබා දිමෙන් පසු එය දෙපාර්ශවයේ එකගතාවයෙන් හෝ අධිකරණයේ නඩු පැවරිමෙන්
වෙනස් කල හැක කාලාවරෝධය මත ලබා දුන් මාර්ගය එම පරවශ්‍ය ඉඩමේ හිමිකරුට සීමිතව වෙනස්
කල හැක.
නවාසියම් එ.
කනපතිපිල්ලේ නඩුව අනුව තමාට හිමි ඉඩමක් මතින් ප්‍රසිද්ධ
පාරකට ප්‍රවේශය ලද හැකි පුද්ගලයෙකුට එය පසෙක තිබියදි වෙනත් පුද්ගලයෙකුගේ ඉඩම මතින්
අත්‍යවශ්‍ය මාර්ග අයිතිය ඉල්ලා සිටිය නොහැක.විකල්ප මාර්ග තිබියදී තමන්ට ප්‍රධාන
මාර්ගයට පිවිසීමට කෙටිම හා පහසුම පාර ඉල්ලා සිටිය නොහැක.
හි.ම.ක
Comments
Post a Comment