මුදල් රෙගුලාසි



ü  මුදල් රෙගුලාසි යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (1) () වගන්තිය අනුව ජනාධිපතිවරයාට වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව එතුමා විසින් මුදල් අමාත්‍යවරයාට පවරන ලද විෂයකි.

ü  මුදල් රෙගුලාසි සංග්‍රහයේ පුර්විකාවේ හා මු.රෙ 131 අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වන අතර තමා දරන තත්වය අනුව ප්‍රධාන ගණනන්දීමේ නිලධාරියාවේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් භාණ්ඩාගාරයේ ප්‍රධානියාවන අතර භාණ්ඩාගාරයේ වැය සදහා ගණනන් දිමේ නිලධාරියාද වේ.

ü  මු.රෙ 1 අනුව ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා වන වර්ෂයක කාලය මුදල් වර්ෂයක් ලෙස හදුන්වයි.

ü  මු.රෙ 2 මගින් රාජ්‍ය මුල්‍ය පාලනය පිළිබද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන දක්වා තිබේ.
             148 ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මුල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතුවේ.
            149 (1) ව්‍යවස්ථාව අනුව නියමිත කාර්යක් සදහා නීතියෙන් වෙන් නොකරන ලද රජයේ සියළු ආදායම් ඒකාබද්ධ අරමුදල නමැති අරමුදලට බැර කෙරේ.
            149 (2) ව්‍යවස්ථාව මගින් ඒකාබද්ධ අරමුදලින් දැරිය හැකි වියදම් දක්වයි.
            150 ව්‍යවස්ථාව අනුව මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන බලපත්‍රයක් යටතේ මිස ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කරගත නොහැකි බව දක්වයි.
            151 ව්‍යවස්ථාව අනපේක්ෂිත හදිසි වියදම් දැරීම සදහා අවිනිශ්චිත අවස්ථා අරමුදලක් වේ.
            152 ව්‍යවස්ථාව අනුව රජයේ ආදායමට බලපාන පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් අමාත්‍යවරයෙකු විසින් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලහැක.
            153 ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිවරයෙක්වේ.
           154 ව්‍යවස්ථාවෙන් විගණකවරයාගේ කාර්යය හා කර්තව්‍ය දක්වා තිබේ.
·         මු.රෙ 2 (2) අනුව ඒකාබද්ධ අරමුදලේ සංයුතිය
·         විවිධ දෙපාර්මේන්තු සතු මුදල්
·         ක්‍රවුන් ඒජන්තවරුන් හා ජනරජයේ වෙනත් අනුමත විදේශිය නියෝජිතයන් වෙත ඇති ජනරජය සතු අරමුදල්
·         ආයෝජන
ඒකාබද්ධ අරමුදලට මුදල් ලැබීම්
1.      මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබීම්
·         බදු
·         බදු නොවන ආදායම්
·         වෙනත් ලැබීම්
2.      ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලැබීම්
3.      දේශිය ණය හා ප්‍රදානයන්ගෙන් ලැබීම්
149 (2) ව්‍යවස්ථාව අනුව ඒකාබද්ධ අරමුදලින් දැරිය හැකි වියදම්
1.      රාජ්‍ය ණය අරමුදලේ පොලිය
2.      නිදන් අරමුදලට කරන ගෙවීම්
3.      ඒකාබද්ධ අරමුදලට රුස්කිරිම,කළමනාකරණය සහ භාර ගැනීමට අනුශංගික පිරිවැය ,ගාස්තු සහ වියදම්
4.      පාර්ලිමේන්තුව විසින් නිශ්චය කල හැකි වෙනත් එවැනි වියදම්
මු.රෙ 2(3) අනුව ඒකාබද්ධ අරමුදලින් කෙරෙන වියදම වර්ග දෙකකි (පාර්ලිමේන්තුව වියදම සදහා බලය දෙන ආකාර දෙකකි)
1.      සැපයුම් සේවා යනු
·         විසර්ජන පනතින්
·         පාර්ලිමේන්තුවේ සම්මත යෝජනාවකින්
·         ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) හා 150 (4) ව්‍යවස්ථා ප්‍රකාරව නිකුත් කරන අධිකාරියක් යටතේ
                මුදල් වෙන් කරනු ලබන සේවාවෝ වෙති.
2.      විශේෂ නීති සේවා යනු
·         ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන  හෝ පාර්ලිමේන්තුවේ සම්මත කල පනතක විධිවිධාන මත හෝ දැරිය යුතු වියදම් වේ.
150 ව්‍යවස්ථාව අනුව මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන වොරන්ට් බලපත්‍රයක අධිකාරිය ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කරගැනීම සදහා අවශ්‍යවේ.නමුත් 150 (3) සහ (4) ව්‍යවස්ථා අනුව ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කිරීමට නියෝගදීමට ජනාධිපතිවරයාට හැක.‍
ü  විසර්ජන පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති විටෙක
ü  ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැදවා ඇති විට හා ඒ මැතිවරණය සදහා මුදල් වෙන්කොට නැති විට
මු.රෙ 90  අනුව වොරන්ට් බලපත්‍ර වර්ග පහත දැක්වේ.
සාමාන්‍ය වොරන්ට් බලපත්‍රය                                 අවිනිශ්චිත අවස්ථා වොරන්ට් බලපත්‍රය
අධියාචන බලපත්‍රය
විශේෂ වොරන්ට් බලපත්‍රය
විශේෂ නීති වොරන්ට් බලපත්‍රය
පරිපුරක විශේෂ නීති වොරන්ට් බලපත්‍රය
අත්තිකාරම් වොරන්ට් බලපත්‍රය
මු.රෙ 2 (4) රජයේ කටයුතු සදහා අරමුදල් සැපයීමට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ව්‍යවස්ථාවක් මගින් විශේෂ අරමුදල් ඇති කල හැක. නිදසුන් - ජනාධිපති අරමුදල , ආරක්ෂක අරමුදල

මු.රෙ 2 (5) අනුව රජයේ ඇතැම් කාර්යන් සදහා අත්තිකාරම් ගිණුම් මගින් මුදල් සපයයි.මු.රෙ 15 අනුව දක්වන අත්තිකාරම් ගිණුම් පහත පරිදිවේ.
 නිශ්පාදන අත්තිකාරම් ගිණුම
 සංවර්ධන අත්තිකාරම් ගිණුම
වෙළද අත්තිකාරම් ගිණුම
ගබඩා අත්තිකාරම් ගිණුම
රාජ්‍ය සංස්ථා සදහා අත්තිකාරම් ගිණුම
රාජ්‍ය නිලධාරින්ට අත්තිකාරම් ගිණුම
විවිධ අත්තිකාරම් ගිණුම
අත්තිකාරම් ගිණුම්වලට අදාලව ඇස්තමේන්තුවල සීමා වර්ග හතරක් ඇත.
      වියදමෙහි උපරිම සීමාව
      ගිණුමට බැර කල යුතු ලැබිම්වල අවම සීමාව
      හර ශේෂයන්ගේ උපරිම සීමාව
      බැරකම්වල උපරිම සීමාව

මු.රෙ 3 අනුව ව්‍යාපෘති වර්ග
ü  ආංශික සැලසුම්
ü  විශාල ව්‍යාපෘති
ü  කුඩා ව්‍යාපෘති

ව්‍යාපෘති සැලසුම් කිරීමේ අදියර
·         හදුනා ගැනීම
·         මුලික තක්සේරුව
·         මුලික අනුමැතිය
·         සැකසීම
·         පුර්ණ ඇගයීම
·         අවසාන අනුමැතිය
·         රාජ්‍ය ආයෝජන වැඩසටහනට ඇතුලත් කිරීම
·         ක්‍රියාත්මක කිරීම
·         ඇගයීම

      අදියර දෙකේ අනුමත කිරීමේ කාර්ය පටිපාටීය
·         මුලික අනුමැතිය
·         අවසාන අනුමැතිය
            
මු.රෙ 6 අනුව මුදල් වර්ෂය සදහා රජයේ ආදායම් හා වියදම් ඇස්තමේන්තුවලට
·         ආදායම් ඇස්තමේන්තු
·         වියදම් පිළිබද පොදු ඇස්තමේන්තු
·         අත්තිකාරම් ගිණුම්වලට අදාල ඇස්තමේන්තු
·         රාජ්‍ය සේවයේ වැටුප් පරිමාණයන්ද ඇතුළත් විය යුතුය.

අයවැය ලේඛනය
Ø  ඉදිරි මුදල් වර්ෂය සදහා රජයේ ආදායම හා වියදම පිළිබද පුරෝකථනයකි.
අයවැය ක්‍රම
·         හිග අයවැය ලේඛනය
·         තුලනාත්මක අයවැය ලේඛනය
·         වැඩසටහන් අයවැය ලේඛනය
·         කාර්ය සාධන අයවැය ලේඛනය
අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ( මු.රෙ 58)
ü  අවසාන කෙටුම්පත් වියදම් ඇස්තමේන්තුව සකස් කරනු ලැබේ.
ü  මුදල් අමාත්‍යවරයා විසින් කෙටුම්පත් ඇස්තමේන්තුවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම.
ü  කෙටුම්පත් අයවැය ඇස්තමේන්තු හා කෙටුම්පත් විසර්ජන පනත සැකසීම.
ü  පළමුවර කියවීම ( සභාගත කිරීම)
ü  ස්ථාවර නියෝග 45 අනුව අවම වශයෙන් දින 7කට පසු දෙවන වර කියවීම
ü  කාරක සභා අවස්ථාව
ü  සංශෝධනයන් ඇත්නම් සිදුකර නැවැත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම(තුන්වන වර කියවීම)
ü  පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු විසර්ජන පනත  විසර්ජන නීතිය ලෙස හැදින්වේ.
අයවැය ක්‍රියාවලිය
Ø  ඉදිරි වර්ෂය සදහා අයවැය කෙටුම්පත් කිරීම
Ø  පවත්නා වර්ෂයේ අයවැය ක්‍රියාත්මක කිරීම හා පාලනය
Ø  පෙර වර්ෂය සම්බන්ධ අයවැය විගණනය කිරීම
කෙටුම්පත් අයවැය ඇස්තමේන්තුවේ ප්‍රධාන කොටස් 4 කි
ආදායම් ඇස්තමේන්තු
වියදම් ඇස්තමේන්තු
අත්තිකාරම් ගිණුම් කටයුතු
සේවා නියුක්ති විස්තර
   
ආදායම් ඇස්තමේන්තු
මු.රෙ 82 අනුව රාජ්‍ය ආදායමට ඇතුළත් නොවන  රජයේ කාර්යාලවට ලැබිම්
ලාභ හැර අත්තිකාරම් ගිණුම් කටයුතු වල ලැබීම්
ණය හා ණය ගැණුම්
ලාභ හැර ආයෝජන විකිණිමෙන් ලැබෙන ලාභ
තැන්පතු
අනුමත අත්තිකාරම් පියවීම්
අග්‍රිම හා ප්‍රේෂණ
විශේෂ නීතියෙන් සංස්ථාපිත  ඒකාබද්ධ අරමුදලින් බාහිරව පැවැතීමට අවසර දී ඇති අරමුදල්වලට ලැබීම්
170(3) වැනි මු.රෙ විධිවිධාන අනුව අධිභාර ගිණුමට බැර

මු.රෙ 83 අනුව ආදායම් වර්ගීකරණ ඒකක
ü  ශිර්ෂය
ü  උපශිර්ෂය
ü  වීෂය
ü  උප වීෂය

වියදම් ඇස්තමේන්තු

    මු.රෙ 8 අයවැය වර්ගීකරණ ඒකක   
ü  ශිර්ෂය
ü  වැඩසටහන
ü  ව්‍යාපෘතිය
ü  උපව්‍යාපෘතිය
ü  වැය වීෂය
ü  මුල්‍යකරණය
     
සැකසුම - හිරාන් මලින්ද කරුණාමුනි

Comments

Post a Comment

Popular posts from this blog

පෞරුෂත්වය

මාර්ග අයිතිය ( 1කොටස)