පෞරුෂත්වය
පුද්ගලයෙකු
තවත් පුද්ගලයෙකුගෙන් වෙනස්වන ඔහුටම ආවේණිකවු සාමාජීය ජීවිතය තුල ඔහු වෙතින් ප්‍රකට
කෙරෙන සුවිශේෂි චර්යාවන් සමුදාය පෞරුෂය ලෙස සරලව හදුන්වා දිය හැකිය.
වුඩ්වර්ත්ට
අනුව පෞරුෂය යනු පුද්ගලයාගේ හැසිරිම පිඩුකොට දක්වන ස්වභාවයක් ලෙසත් එය ඒකීයවුත්
පුද්ගලයාට ප්රවේණි වුත් හැසිරීම් ස්වභාවයක් ලෙසත් දක්වන අතර පෞරුෂ ලක්ෂණ පුද්ගලයා
කරන කථාවේදීත් පුරුදු ප්‍රකාශ වන හැටියෙනුත් ආශා ලැදිකම් ක්‍රියාත්මක වන
සැටියෙනුත් ආචාර සමාචාර කැපී පෙනෙන සැටියෙනුත් එසේම ඔහු ජිවිතය පිලිබද දක්වන
දර්ශනයෙනුත් අවශේෂ ලෝකයාට දැන ගැනීමට හැකි බව දක්වයි.
ෆිල් පෞරුෂ
විග්‍රහයේදි වඩා අර්ථවත් බවක් දෙමින් චිත්තවේගයන්ට විශේෂත්වයක් දෙයි.චිත්තවේග
සංවර්ධනයට තුඩු දෙන ගති ආකල්ප ආදියේ සංවිධානය පෞරුෂය නමින් හදුන්වන අතර පෞරුෂයේ
තිබිය යුතු ප්‍රධාන අංග තුනක් ගැන සදහන් කරයි.ඒකීය ස්වභාවය/සංවිධානයක් බව/සමස්තයක්
බව යනු ඒ අංග තුනයි.
විවිධ සමාජ
භූමිකාවන් රංගනය කරන පුද්ගලයා අවස්ථාවන්ට මුහුණ දීමේදි හා පරිසරය හා ගැටිමේදි මෙසේ
විවිධ චර්යාවන් සිතුවිලි හා භාවමය ප්රතිචාරයන් දක්වන්නේ කෙසේද? පුද්ගලයා සමාජය
තුල සුවිශේෂි අයෙකු බවට පත් කරන පෞරුෂය ඇති වන්නේ කෙසේද?එය වර්ධනය වන්නේ කුමන
සාධකවල බලපෑම් මතද?එහි විපර්යාසයන් කවරේද? මනෝවිද්‍යාඥයන්ගේ ප්‍රධාන න්‍යායන්
කිහිපයක් ඇසුරු කර ගනිමින් උක්ත පැනවලට විසදුම් සෙවිය හැක.මනෝවිශ්ලේෂණ න්‍යාය/සමාජ
ඉගෙනුම් න්‍යාය/ගති න්‍යාය මේ අතර වැදගත් වේ.
මනෝවිද්‍යාඥයන් පෞරුෂයේ කැපී පෙනෙන ලක්ෂණ
පුද්ගලයා විසින් ක්‍රියාත්මක කරන අයුරු පරික්ෂාකර ඒවායේ තත්වයන් පිලිබද නිශ්චයකට
එලබිමට උත්සහදරන බව පෙනේ.එවැනි කැපි පෙනෙන ලක්ෂණ කිහිපයක් මගින් හැදින්විමක්
කිරිමට පෙලබේ.සමහර විට මේ ලක්ෂණ පුද්ගලයාගේ අනෙක් ස්වභාවයන් යටපත් කොට නැගි සිටිනු
ඇත.පුද්ගලයා දෛනික ජිවිතයේ දි හැසිරෙන ආකාරය අනුව මේ ලක්ෂණ මනිනු ඇත.පුද්ගලයා නිතර
ප්‍රීතියෙන් සිටියි නම් ඔහුගේ පෞරුෂය එය මුල් කරගෙන විස්තර කරන අතර නිතර කණස්සලු
ස්වභාවයෙන් සිටි නම් එය මුල් කරගෙන පෞරුෂය හදුන්වයි.
ගෝඩන්
ඩිල්පෝටි චරිත ස්වභාව ලෙස හඳුන්වන විවිධාකාර ගති ලක්ෂණ නිරූපණය කරන ලදී. ප්‍රධාන
ගති ලක්ෂණ යනු පුද්ගල පෞරුෂත්වය මත පවතින ඒවාය. ද්විතීයික ගති ලක්ෂණ එයට වඩා
පරිබාහිර වෙයි. පොදු ගති ලක්ෂණ යනු සංස්කෘතියක් තුළ හඳුනා ගත් ගති ලක්ෂණ වෙයි. මූලික
ගති ලක්ෂණ යනු පුද්ගලයෙකු පැහැදිලිව වෙන් කර හඳුනා ගත හැකි ගති ලක්ෂණ වෙයි.
ඇමරිකානු
මනෝවිද්‍යා සංගමයට අනුව පෞර්ෂත්ව ගති ලක්ෂණ යනු මිනිසාට ආවේණික වන අවබෝධය සහ
පරිසරය සහ තමා ගැන සිතන ආකාරය සමාජීය සහ පුද්ගල ස්වභාවයෙන් පිටතට පෙනෙන ආකාරය ලෙස
සැලකිය හැක.
පෞර්ෂත්ව ගති
ලක්ෂණ කාලයත් සමග
සාමාන්‍යයෙන් වෙනස් නොවේ නමුත් පුද්ගලයින් අතර වෙනස් විය හැක එනම් ඇතැමුන්
සමාජශීලී හෝ පිටතට නැඹුරු වන අරත ඇතැමුන් අභ්‍යන්තරයට නැඹුරුවේ.පුද්ගල හැසිරිම පෞර්ෂත්ව ගති
ලක්ෂණ මත තීරණය වේ.
රේමන්ඩ්
කැට්ල්ස් විසින් ප්‍රාථමික සාධක 16 ක් හා ද්විතීයික සාධක පහකින් සමන්විත පෞරුෂත්ව
ව්‍යුහ 2ක් ව්‍යාප්ත කරන ලදී.
හැන්ස්
අයිසෙන්ක් විසින් බාහිර ව්යාවර්ථක , ස්නාස්යක, මානසික යන ගති
ලක්ෂණ මගින් පෞර්ෂත්වය පහදා දිය හැකි බව විශ්වාස කරන ලදී. අයිසෙන්ක්ගේ සහ කැට්ල්ගේ
පෞර්ෂත්ව ඇගයීමට යොදාගත් ක්රමයේ වෙනස්කම් වනුයේ කැට්ල් විසින් පොදු පෞර්ෂත්වයට
අදාල ප්‍රශ්නාවලි මගින් ඒවා සංඛ්‍යාත්මකව ඇගයිය හැකි වීමයි. මොවුන්ගේ අධ්‍යයන
කටයුතු නිසා පර්යේෂණයන්වල මෙම සාධක 5ට ප්‍රධාන තැනක් ලැබී ඇත.
ලුවිස්
ගෝල්ඩ්බර්ග් පෞර්ෂත්වයේ මාන පහකින් සමන්විත අනුරූපණයක් ලෙස නම් කරන ලදී. එවා පංච
මහා පෞරුෂ සාධක ලෙස හැදින්වේ.
Ø නියුරොෂිය / චිත්තවේගික
ස්ථාවරත්වය -චිත්ත සංවේගී සහ දොම්නස් සහගත
/ සුබවාදී සහ
කලබල නොවන
Ø බහිව්යවර්ථක-සමාජශීලී
සහ බාහිර උත්තේජක මත පදනම් වූ / නිසල උත්තේජක මගහරින
Ø
විවෘතබව-නව සිතුවිලි
සහිත නව නිර්මාණ සාදන / සම්ප්‍රදායික
Ø එකඟවන
සුළු-මිත්‍රශීලී සහ සැනසුම්දායක / මැඩපවත්වන සුළු එකඟ නොවන
Ø
අබෝධාත්මක-වගකීම් සහිත
, ක්රමානුකූල
සහ සැලසුම් සහගත / විශ්වාසශීලී
නොවන , වගකීම් රහිත
🖤
ReplyDelete