අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බෙදුම් පනතේ විධිවිධාන
බෙදුම් පනත
හවුල් අයිතිකම දරන ඉඩම් බෙදා වෙන් කිරීම සහ විකිණීම සදහා විධිවිධාන සැලැස්වීම සදහා
වන පනතක් වන අතර අධිකරණයට අපහාස කිරීම
වචනය සහ ක්‍රියාවලින් අධිකරණය හා
විනිසුරුවන් අවමානයට ලක්කිරීම සහ අධිකරණය නින්දාවට හෝ අපකිර්තීයට පත් කිරීමක් ලෙස
අර්ථ දැක්විය හැක.කෙසේවුවත් අධිකරණයට අපහාස
කිරීමක් වන්නේ කුමක්ද එසේ නොවන්නේ කුමක්ද යන්න පිළිබද දැඩි රීතියක් නියම කොට
නොමැති අතර නඩුවේ විශේෂ අවස්ථාගත කරුණු මත එය රදා පවතියි.
අධිකරණයට අපහාස
කිරීමක් පහත දැක්වෙන ලෙස සිදු විය හැක
·
නඩු අසන විවෘත
අධිකරණය තුල අධිකරණයේ ගරුත්වය කෙලෙසන ආකාරයේ හෝ අධිකරණයේ කටයුතු වලට බාධාවන ආකාරයේ
යම් හැසිරීමක් ,යම් ක්‍රියාවක් හෝ ප්‍රකාශ කිරීමක් මගින්
·
අන්තර්ජාලය
භාවිතා කරමින් හෝ පුවත් පතක්,රූපවාහිනී සේවාවක් හෝ ගුවන් විදුලි සේවාවක වැනි
ජනමාධ්‍යයක් මගින් හෝ ප්‍රසිද්ධ වේදිකාවක සිට යම් පුද්ගලයෙකු විසින් කරනු ලබන අපහාසත්මක
ප්‍රකාශයක්
·
අධිකරණයක්
විසින් නඩුව පවතින අතර තුර දෙන ලද නියෝගයක් හෝ තීන්දු වලට අවනත නොවීම,එකී තීන්දු
ක්‍රියාවේ යොදවන අධිකරණ නිලධාරින්ට බාධා කිරීමෙන්
1977 අංක 21
දරණ බෙදුම් පනතේ 53(1) වගන්තිය අනුව බෙදුම් නඩුවකදී අධිකරණ බලය ක්‍රියාත්මක කරන
අධිකරණයකට(යම් ඉඩමක හෝ ඉඩම් පංගුවක සන්තකය,ඊට හිමිකම් ඇති යම් තැනැත්තෙකුට භාර දෙන
ලෙස ආඥ කිරිමේ බලය ඇතුළුව ) ඒ නඩුවේ දී කරන ලද සෑම ආඥවක් හෝ තීන්දු ප්‍රකාශයක් ම
බලාත්මක කිරීමේ දී
(අ) එබදු යම් ආඥාවකට අකීකරු වන හෝ
(ආ) අධිකරණ
බලය යටතේ කටයුතු කරන හෝ මේ පනතින් තමන් වෙත ලැබී ඇති යම් බලයක් ක්‍රියාත්මක කරන
යම් තැනැත්තකුට අවහිර කරන නැතහොත් විරෝධය පාන හෝ
(ඇ) 31 වන
වගන්තිය යටතේ නඩුවට අදාල ඉඩමෙහි සාදා ඇති හෝ පිහිටුවා ඇති යම් මායිම් සළකුණකට ,නඩුව පවතිද්දී හානි
කරන හෝ ඉවත් කරන කවර හෝ තැනැත්තකුට,අධිකරණයට
අපහාස කිරීමේ වරදකට මෙන් දඩුවම් කිරීමේ ද සම්පුර්ණ බලය තිබිය යුතුය.
බෙදුම් නඩුවකදී එකී
තීන්දු ප්‍රකාශයෙන් ලැබෙන අයිතිය මුළු ලෝකයට එරෙහි අයිතියකි එයට කිසිවෙකුට හබ කල නොහැකිවේ.ප්‍රනාන්දු එ. මාර්ෂල් අප්පු 23 NLR 370 නඩුවේදී බෙදුම් නඩුවක
තීරණය අවසානාත්මක වන අතර නඩුවේ තීන්දුවෙන් පාර්ශවකරුවන් මෙන්ම පාර්ශවකරුවන් නොවන
අයද බැද තබන බව අවධාරණය කරයි.බෙදුම් පනතේ 48 වන
වගන්තිය අනුව බෙදුම් නඩුවක තීන්දු ප්‍රකාශයේ අවසානාත්මක බව දක්වන අතර සාක්ෂි ආඥා
පනතේ 44 වන වගන්තිය අදාල නොවන බව දක්වයි.
මේ අනුව අධිකරණය නඩු
තීන්දුව දුන් පසු ඒඅනුව ක්‍රියා නොකිරීම වනාහි සාමාන්‍ය තත්වයක් යටතේ
අධිකරණයට අපහාස කිරීමක් නොවන බරපතල
තත්වයක් බව පෙනීයයි.එමගින් අධිකරණය දරුණු ලෙසම අපහාසයට ලක් කරන
අතර නීතියේ අධිපත්‍ය අභියෝගයට ලක් වේ.අධිකරණය
විසින් ලබා දෙන ලද තීන්දුවක් වෙනස් කරන ලෙස තර්ජනය කිරීම අධිකරණයට කල හැකි ඉහලම
අපහාසය ලෙස සැලකේ.
සිවිල් නඩු
විධාන සංග්‍රහයේ 800 වන වගත්තිය අනුව අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු කරන අයෙකුට
අවස්ථාවෝචිත පරිදි නියම කරනු ලැබිය හැකි දඩ ගැසිම් හෝ බන්ධනාගාරගත කිරීම් දක්වා තිබේ.ඒඅනුව
·
ශ්‍රේෂ්ඨාධිකරණය
විසින් අවුරුදු හතක් නොඉක්මවන කාලයක් බරපතල වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාර ගත කිරීම
සහ ඊට අතිරේකව හෝ ඒ වෙනුවට රුපියල් හත් දහසක් නොඉක්මවන දඩයක්
·
මහාධිකරණය විසින් රුපියල්
පන් දහසක් නොඉක්මවන දඩයක් හෝ අවුරුදු පහ නොඉක්මවන කාලයක් බරපතල වැඩ ඇතිව හෝ නැතිව
බන්ධනාගාරගත කිරීමක්
·
දිසා අධිකරණය විසින්
රුපියල් දෙදහස් පන්සියයක් නොඉක්මවන දඩයක් හෝ අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් බරපතල
වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාර ගත කිරීම
·
මහෙස්ත්‍රාත් අධිකරණය
විසින් රුපියල් එක්දහස් පනසියයක් නොඉක්මවන
දඩයක් හෝ මාස දහ අටක් නොඉක්මවන කාලයක් බරපතල වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාරගත කිරීමෙන්
දඩුවම් කල හැක.
-හි.ම.ක-
ආශ්‍රිත
අධිකරණයට අපහාස
කිරීමට අදාළ නීතිය,නීතිඥ කපිල ගාමිණි ජයසිංහ, 2013
සිවිල් නඩු විධාන සංග්‍රහය
1977 අංක 21 දරන බෙදුම් පනත
Comments
Post a Comment