අභිනියෝජන ව්‍යවස්ථා යනු මොනවාද?
ව්‍යවස්ථාදායකයේ අවසන් පාලනයට යටත්ව ව්‍යවස්ථදායක විසින් පවරා
දෙන ලද බලය යටතේ යම්
පුද්ගලයෙකු විසින් හෝ ආයතනයක් විසින් සාදනු ලබන ව්‍යවස්ථා අභිනියෝජන ව්‍යවස්ථා හෙවත් අනු නීති ලෙස හැදින්වේ.
ප්රජාත්රන්තික රාජ්‍යයක නීති සැදීම පිළිබද
උත්තරිතර අධිකාරිය එරට ජනතාව විසින් තෝරා ගත් ව්‍යවස්ථාදායකයට පැවැරි තිබේ.ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට
පවරාදී තිබේ එම බලය පවරාදිය නොහැකි බව 76(1) අනුව්‍යවස්ථාවේ දැක්වේ.එම ව්‍යවස්ථාව මේසේ දක්වයි
පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේය.කිසිම ආකාරයට අන්සතු නොකළ යුත්තේය.කවර වු හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම
අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටිය යුත්තේය.
ඩයිසිට අනුව
පාර්ලිමේන්තුව උත්තරිතරවේ.එනම් පාර්ලිමේන්තුවට
ඕනෑම නීතියක් පැනවීමට හෝ නැති කිරීමට හැක.පාර්ලිමේන්තුව සමග තරග කර හැකි ආයතනයක්
නොමැත. පාර්ලිමේන්තුව විසින්
පණවන නීතිවල වලංගුභාවය ප්‍රශ්න කල නොහැක.
එහෙත් 76(2) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට
හදිසි අවස්ථා රෙගුලාසි පැනවිය හැක 76(3) අනුව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුව
විසින් පනවන පනක් මගින් යම් නියමිත කාර්යක් සදහා අනුනීති සැදීම සදහා නෛතික
පුද්ගලයෙකු ඇති කල හැක.නොයෙකුත් ප්‍රයෝගික අවශ්‍යතා මත පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකයේ කාර්යයන්
අභිනියෝජිතයන්ට පැවැරීමට සිදුවීම වැලැක්විය නොහැකි තත්වයකි.
මෙම තත්වය යටතේ ශ්‍රි ලංකාව තුල හදිසි
අවස්ථා රෙගුලාසි සැදිමෙන් ජනාධිපතිවරයාද රෙගුලාසි හෝ නියෝග සැදිමෙන් අමාත්‍යවරුද ප්රඥප්ති සැදිමෙන් පළාත්
සභාවද අනුනීති සැදිමෙන් පළාත් පාලන ආයතනද රිතී සැදිමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයද රිතී හා
රෙගුලාසි පැනවිමෙන් රජ්‍ය සංස්ථාද පාර්ලිමේන්තුවේ
බලය අභිනියෝජනය කරයි.
එනමුදු පාර්ලිමේන්තු ව්‍යවස්ථා හා අභිනියෝජන ව්‍යවස්ථා අතර පැහැදිලි වෙනසක්
වේ.අභිනියෝජන ව්‍යවස්ථා පාර්ලිමේන්තු ව්‍යවස්ථා අභිබවා නොසිටින අතර
පාර්ලිමේන්තුවේ පාලනයට යටත්වේ. වීරසිංහ එ. සමරසිංහ නඩුවේද සන්සෝනි විනිසුරුතුමා පෙන්වා දෙන්නේ
පාර්ලිමේන්තු පතතකින් අභිනියෝජනය කරන බලතල එම පනතට යටත්ව ඉටු කෙරේ නම් එබදු
අභිනියෝජන බලතල පාවිච්චි කිරිම ව්‍යවස්ථාදායකය හා තරගකාරි ව්‍යවස්ථාදායකයක් සේ ක්රියාකිරිමක් නොවන බවයි.13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබද
නඩුවේදීද පළාත් සභාවල ප්රඥප්ති සැදිමද
පාර්ලිමේන්තු බලය අභිනියෝජනය කිරිමක් පමණක් ලෙස අර්ථ දක්වනු ලැබිනි.මෙම නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය
ආරක්ෂාවන බව ප්‍රකාශ කෙරෙනි.
පාර්ලිමේන්තු ව්‍යවස්ථා අධිකරණයේ සමාලෝචනයට
ලක් කල නොහැක.පාර්ලිමේන්තුව විසින්
සාදන නීතියක වලංගුභාවය ප්‍රශ්න කල නොහැකිය නමුත්
අභිනියෝජන ව්‍යවස්ථාවල වලංගුභාවය අධිකරණය විසින් සමාලෝචනය කල
හැක.එම නිසා අභිනියෝජන ව්‍යවස්ථා අධිකරණයේ පාලනයට
යටත්ව පවතියි.
-හි.ම.ක-
Comments
Post a Comment