Posts

මාර්ග අයිතිය ( 1කොටස)

  නොදැනීම හා නොවැහැටීම හේතුවෙන් නිරපරාදේ නඩු මගට බැසීමෙන් මහජනයා අගතියට පත් වන වීෂය කාරණයක් ලෙස මාර්ග අයිතිය හා පරවශතාව හදුනා ගත හැක. යමෙකුට තවත් අයෙකුගේ ඉඩමක් මතින් යාමේ එමේ අයිතියයි. පොදු මාර්ග අයිතියක් නිර්මාණය කල හැක්කේ ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් මගින් හෝ ප්‍රදානයක් හෝ පිළිගැනිමකින් පමණි. මාර්ග අයිතිය ලැබිය හැකි ක්‍රම ·          ප්‍රදානයෙන් ·          කාලාවරෝධයෙන් ·          පරවශතාව පවතින විට සාධාරණ මිල ගෙවීමෙන් හවුල් ඉඩමක මාර්ග අයිතිය හවුල් ඉඩමක් බෙදා වෙන් කර ගැනීමේදි එකී ඉඩමේ කොටසක් මාර්ගයක් ලෙස පාවිච්චි කිරීමට වෙන් කර ඇති විට එම අයිතිය කවර පුද්ගලයින් සතුවේද? මුතාලිෆ් එ. මන්සුර්   39 NLR 316 නඩුවේ තීරණය වුයේ මෙවැනි අවස්ථාවක පාරේ අයිතිය සියළු කොටස්කරුවන් සතු වන බවත් එක් අයෙකුට පමණක් කාලාවරෝධී හිමිකම ලැබිය නොහැකි බවයි. ඉඩමක හවුල් අයිතිකරුවෙකුට එම ඉඩම මතින් මාර්ගයක් අනික් හවුල්කරුවන්ගේ කැමැත්තකින් තොරව ලබා දිය හැකිද?   නිම්බු එ. අන්නම්මා...

THE BEAUTY OF SRI LANKA

Image

අභිනියෝජන ව්‍යවස්ථා යනු මොනවාද?

ව්‍යවස්ථාදායක යේ   අවසන් පාලනයට යටත්ව ව ්‍ය වස්ථදායක විසින් පවරා දෙන ලද බලය යටතේ යම් පුද්ගලයෙකු විසින් හෝ ආයතනයක් විසින් සාදනු ලබන ව්‍යවස්ථා   අභිනියෝජන ව්‍යවස්ථා හෙවත් අනු නීති ලෙස හැදින්වේ . ප ්‍ර ජා ත්‍ර න්තික රා ජ්‍ය යක නීති සැදීම පිළිබද උත්තරිතර අධිකාරිය එරට ජනතාව විසින් තෝරා ගත් ව්‍යවස්ථාදායක යට පැවැරි තිබේ . ශ ්‍රි ලංකාවේ ආණ්ඩු ක්‍ර ම ව්‍යවස්ථා වේ 75 ව්‍යවස්ථා වෙන් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට පවරාදී තිබේ එම බලය පවරාදිය නොහැකි බව 76(1) අනු ව්‍යවස්ථා වේ දැක්වේ . එම ව්‍යවස්ථා ව මේසේ දක්වයි පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේය . කිසිම ආකාරයට අන්සතු නොකළ යුත්තේය . කවර වු හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටිය යුත්තේය . ඩයිසිට අනුව පාර්ලිමේන්තුව උත්තරිතරවේ . එනම් පාර්ලිමේන්තුවට ඕනෑම නීතියක් පැනවීමට හෝ නැති කිරීමට හැක . පාර්ලිමේන්තුව සමග තරග කර හැකි ආයතනයක් නොමැත . පාර්ලිමේන්තුව විසින් පණවන නීතිවල වලංගුභාවය ප්‍ර ශ්න කල නොහැක . එහෙත් 76(2)   අනු ව්‍යවස්ථා ව අනුව ජනාධිපතිවරයාට හ...

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බෙදුම් පනතේ විධිවිධාන

බෙදුම් පනත හවුල් අයිතිකම දරන ඉඩම් බෙදා වෙන් කිරීම සහ විකිණීම සදහා විධිවිධාන සැලැස්වීම සදහා වන පනතක් වන අතර අධිකරණයට අපහාස කිරීම   වචනය සහ ක ්‍රි යාවලින් අධිකරණය හා විනිසුරුවන් අවමානයට ලක්කිරීම සහ අධිකරණය නින්දාවට හෝ අපකිර්තීයට පත් කිරීමක් ලෙස අර්ථ ද ැක්විය හැක.කෙසේවුවත් අධිකරණයට අපහාස කිරීමක් වන්නේ කුමක්ද එසේ නොවන්නේ කුමක්ද යන්න පිළිබද දැඩි රීතියක් නියම කොට නොමැති අතර නඩුවේ විශේෂ අවස්ථාගත කරුණු මත එය රදා පවතියි . අධිකරණයට අපහාස කිරීමක් පහත දැක්වෙන ලෙස සිදු විය හැක ·          නඩු අසන විවෘත අධිකරණය තුල අධිකරණයේ ගරුත්වය කෙලෙසන ආකාරයේ හෝ අධිකරණයේ කටයුතු වලට බාධාවන ආකාරයේ යම් හැසිරීමක් ,යම් ක්‍රියාවක් හෝ ප්‍රකාශ කිරීමක් මගින් ·          අන්තර්ජාලය භාවිතා කරමින් හෝ පුවත් පතක්,රූපවාහිනී සේවාවක් හෝ ගුවන් විදුලි සේවාවක වැනි ජනමාධ්‍යයක් මගින් හෝ ප්‍රසිද්ධ වේදිකාවක සිට යම් පුද්ගලයෙකු විසින් කරනු ලබන අපහාසත්මක ප්‍රකාශයක් ·          අධිකරණයක් විසින් නඩුව පවතින අ...

මුදල් රෙගුලාසි

Image
ü   මුදල් රෙගුලාසි යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (1) ( අ ) වගන්තිය අනුව ජනාධිපතිවරයාට වෙත පැවරි ඇති බලතල ප්‍රක ාරව එතුමා විසින් මුදල් අමාත්‍යවරයාට පවරන ලද විෂයකි. ü   මුදල් රෙගුලාසි සංග්‍රහයේ පුර්විකාවේ හා මු.රෙ 131 අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වන අතර තමා දරන තත්වය අනුව ප්‍රධාන ගණනන්දීමේ නිලධාරියාවේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් භාණ්ඩාගාරයේ ප්‍රධානියාවන අතර භාණ්ඩාගාරයේ වැය සදහා ගණනන් දිමේ නිලධාරියාද වේ. ü   මු . රෙ 1 අනුව ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා වන වර්ෂයක කාලය මුදල් වර්ෂයක් ලෙස හදුන්වයි. ü   මු.රෙ 2 මගින් රාජ්‍ය මුල්‍ය පාලනය පිළිබද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන දක්වා තිබේ.              148 ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මුල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතුවේ.             149 (1) ව්‍යවස්ථාව අනුව නියමිත කාර්යක් සදහා නීතියෙන් වෙන් නොකරන ලද රජයේ සියළු ආදායම් ඒකාබද්ධ අරමුදල නමැති අරමුදලට බැර ...